ඕස්ට්‍රේලියාව පැරදූ සිම්බාබ්වේ කණ්ඩායමට ඓතිහාසික ක්‍රිකට් ජයක්
තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ අවසන් තරගයේදී ඕස්ට්‍රේලියා කණ්ඩායම ලකුණු 141කට සීමාකල සිම්බාබ්වේ ක්‍රීඩකයින්, කඩුලු හතක් දැවී එම ඉලක්කයට ළඟාවීමත් සමග ඔවුන් විසින් ඕස්ට්‍රේලියාව තුල ඉතිහාසයේ ලබාගත් ප්‍රථම ජයග්‍රහණය සටහන් කිරීමට අද දින සමත්වුණා.
වේග පන්දුයවන්නන් විසින් මුල්පෙළ අඩපන කිරීමෙන් අනතුරුව පන්දුයැවීමට පිවිසි පා දඟ පන්දු යවන රයන් බර්ලි ලකුණු 10කට කඩුලු පහක් දවාගනිමින් සිම්බාබ්වේ කණ්ඩායමේ ජයග්‍රණයට මග සූදානම් කළා.
ලකුණූ 94ක් රැස්කල ඩේවිඩ් වෝනර්ට අමතරව කිසිම ඕස්ට්‍රේලියානු පිතිකරුවකුට සිම්බාබ්වේ පන්දු යවන්නන්ට අභියෝග කිරීමට හැකිවුණේ නැහැ. සිම්බාබ්වේ කණ්ඩායම ජයග්‍රහණය වාර්තා කළේ පන්දු වාර 11ක් ඉතිරිව තිබියදී.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

