ගුවන් සේවා සඳහාත් ඉන්ධන ගැටලු
අද අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කටුනායක ගුවන්තොටුපල පරිශ්‍රයේ පිහිටි ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ගබඩා සංකීර්ණය නිරීක්ෂණය කිරීමක නිරත විය.
එම නිරීක්ෂණයෙන් අනතුරුව ඒ මහතා සඳහන් කළේ දැනට ගබඩාවල ඇති ඉන්ධන දෛනිකව කටුනායක ගුවන් තොටුපළට පැමිණෙන හා පිටව යන ගුවන්යානා සඳහා ප්‍රමාණවත් නොමැති බවයි.
එම ගබඩාවල ඇති ඉන්ධන ප්‍රමාණවත් වන්නේ දින 10ක් හෝ උපරිම සති දෙකක කාලයකට බවද ඒ මහතා පැවසුවා.
ප්‍රමාණවත් තරම් ගුවන් යානා ඉන්ධන ලබා දීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස අමාත්‍යවරයා තෙල් සංස්ථාවෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

