ගෝඨාභය පාර්ලිමේන්තුවට එනවා නම් මම යනවා – සීතා අරඹේපොළ
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට අවශ්‍ය නම් ඒ වෙනුවෙන් තමන් මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස් වන්නට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීනී සීතා අරඹේපොළ මහත්මිය සඳහන් කළාය.
නමුත් එවන් ඉල්ලීමක් මෙතෙක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් හෝ වෙනත් කිසිවෙකු මෙතෙක් කර නැතැයි ද ඇය කියා සිටියාය.
කෙසේ නමුත් හිටපු ජනාධිපති රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට පැමිණීමේ බලාපොරොත්තුවක් නැති බව කී ඇය එවන් කතාවක් පක්ෂය තුළ හෝ මෙතෙක් සිදුවී ඇති බවද පැවසුවාය.
ඒ මහතා පාර්ලිමේන්තු එන කථාව සමාජ මාධ්‍ය විසින් පළ කරන ලද බොරුවක් විය යුතු බව ද ඇය තවදුරටත් කියා සිටියාය.
Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

