ඇෆ්නිගස්තානය හමුවේ ශ්‍රී ලංකාවට ජය
ආසියානු කුසලාන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සුපිරි හතරදෙනාගේ වටයේ ශ්‍රී ලංකා කණ්ඩායම හා ඇෆ්නිගස්තාන කණ්ඩායම අතර ඊයේ (03) පැවති තරගයෙන් කඩුලු 4 ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා සමත් විය.
එම තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට අවස්ථාව දුන අතර එහිදී ඇෆ්නිගස්ථාන කණ්ඩායම කඩුලු 6 ක් දැවී ලකුණු 175 ක් ලබා ගන්නා ලදි.
පන්දුවට පහරදීමේදී ඇෆ්නිගස්ථාන කණ්ඩායම වෙනුවෙන් Rahmanullah Gurbaz ලකුණු 84 ක්, Ibrahim Zadran ලකුණු 40 ක් රැස් කළේය.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දිල්ෂාන් මදුෂන්ක කඩුලු 2 ක් හා මහීෂ් තීක්ෂණ සහ අසිත ප්‍රනාන්දු එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් විය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම 19 වන පන්දුවාරයේදී කඩුලු 6 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය හඹා ගියේය.
පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් මෙන්ඩිස් ලකුණු 36 ක්, පැතුම් නිස්සංක ලකුණු 35 ක්, දනුෂ්ක ගුණතිලක ලකුණු 33 ක් හා භානුක රාජපක්ෂ ලකුණු 31 රැස් කරන ලදි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

