දේශීය

ඉන්ධන බෙදා හැරීමේ ගැටලුකාරී තත්ත්වය නිසා යළිත් පෝලිම් නිර්මාණයවී ඇත – ඩී.වී ශාන්ත සිල්වා

ඇණවුම් ලබාදීමේ ක්‍රමවේදයේ පවතින ප්‍රමාදයක් හේතුවෙන් ඇති වූ ඉන්ධන බෙදා හැරීමේ ගැටලුකාරී තත්ත්වය නිසාවෙන් ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල පෝලිම් නිර්මාණය වී ඇති බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

එම සංගමයේ සම ලේකම් ඩී.වී ශාන්ත සිල්වා සඳහන් කළේ බෙදා හැරීම සඳහා ප්‍රමාණවත් ඉන්ධන සංචිත පැවතියද බෙදා හැරීමේ ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් මෙලෙස පෝලිම් නිර්මාණයවී ඇති බවයි.

කෙසේ වෙතත් ඇණවුම් ලබාදීමේ ක්‍රමවේදය විදිමත් කළ හොත් ජනතාවට පීඩාවකින් තොරව ඉන්ධන ලබා ගැනීමට හැකියාවක් ඇති බව එම මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *