සම්බාධක ඉවත්කරන තුරු ගෑස් සැපයුමක් නැහැ- රුසියාව පවසයි
තම රට වෙත පනවා ඇති සම්බාධක ඉවත් කරන තුරු යුරෝපයට නල මාර්ගයක් ඔස්සේ සිදුකරන ප්රධාන ගෑස් සැපයීම නැවත ආරම්භ නොකරන බවට රුසියාව අනතුරු අඟවනබව විදෙස් පුවත් සේවා වාර්තා කරනවා.
නඩත්තු කටයුතු සඳහා දින තුනක් වසා දමා තිබූ Nord Stream 1 නල මාර්ගය යළි විවෘත නොකිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් මොස්කව් නිලධාරියකු මෙසේ පැවසූ බව අද බීබීසී පුවත් සේවය සඳහන් කළා.
සම්බාධක ලිහිල් කළහොත් සැපයුම් නැවත ආරම්භ කරන්නේ දැයි ඇසූ විට ක්රෙම්ලිනයේ ප්රකාශකයෙක් පැවසුවේ “අනිවාර්යයෙන්ම” එලෙස සිදුකරන බවයි. රුසියාව විසින් යුරෝපය වෙත සිදුකරන ප්රධාන ගෑස් සැපයීම් නවතා දැමීමත් සමග සඳුදා වනවිට යුරෝපයේ ගෑස් මිල වේගයෙන් ඉහළ ගොස් තිබෙනවා
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

