Latestදේශීය

නොගැලපුනත් මන්ත්‍රීවරු 175ක් ජනාධිපතිට අවශ්‍යයි – වජිර අබේවර්ධන

රනිල් වික්‍රමසිංහ මහතා ජාතියෙ භාරකාරත්ව වගකීම බාරගෙන ඇති බව එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

ඒ සඳහා සියලු දෙනාගේම සහයෝගය ජනාධිපතිතුමන් විසින් දිගින් දිගටම ඉල්ලා සිටි බවද මන්ත‍්‍රීවරයා සදහන් කරයි.

රට වැටී ඇති තැනින් ගොඩගැනීමට අඩුම තරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 175 දෙනකුගේ සහාය අවශ්‍ය වන බව ද ඔහු පැවසීය.

ඒ නිසා නොගැලපෙන දේශපාලන පක්ෂ සියල්ල ජාතික වැඩපිළිවෙළට එක්කර ගැනීම සිදු කරන බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

සිරිකොත එජාප මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *