ලිට්රෝ ගෑස් මිල පහළට
ලිට්රෝ ගෑස් සමාගම විසින් ගෑස් සිලින්ඩර මිල අද මධ්‍යම රාත්‍රියේ සිට පහත දමා තිබෙනවා.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 113කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 4551ක් වීමට නියමිතයි.
කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක් රුපියල් 45කින් අඩු කර ඇති අතර එහි නව මිල රුපියල් 1827ක් වීමට නියමිතයි.
කිලෝග්රැම් 2.3ක සිලින්ඩරයක් රුපියල් 5කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 848ක් වීඹට නියමිතයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

