Latestදේශීය

කාලගුණයෙන් ධීවරයන්ට අනතුරු ඇඟවීමක්

ඉදිරි පැය 24 තුළ  පුත්තලම සිට කොළඹ , ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල ධීවර හා නාවික කටයුතුවල නොයෙදෙන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබෙනවා.

තද සුළං හා රළු මුහුද පිළිබඳව අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කරමින් එම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසුවේ, නිරිතදිග මෝසම් තත්ත්වය සක්‍රිය වීම හේතුවෙන් එම මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 60 සිට 70 දක්වා වැඩිවිය හැකි බවයි. තවද එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ මෙම අවස්ථාවලදී එම ප්‍රදේශවල මුහුදු ඉතා රළුවිය හැකි අතර මුහුදු රළ මිටර් 2.5 සිට 3 යි දක්වා ඉහළ යාමේ හැකියාව ද පවතින බවයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *