Latestදේශීය

අළුත්ගම මහපරිමාන කසිප්පු ජාවාරමක් වටලයි

අලුත්ගම කළුවාමෝදර ගම්මැද්ද ග්‍රාම නිලධාරි කාර්යාලයට යාබද සුපිරි පැලැන්තියේ නිවසක් පිහිටි පරිශ්‍රයක කලක පටන් සිදුකර ඇති නීති විරෝධී කසිප්පු නිෂ්පාදනය කිරීමේ තිප්පොළක් අලූත්ගම පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වටලා එහි තිබූ නීති විරෝධීව පෙරන ලද කසිප්පු මිලිලීටර් 69,000ක් සහ ගෝඩා මිලිලීටර් 200,000(ලක්ෂ දෙකක්) සමග සැකකාර ජාවාරම්කාරපුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

පොලිසිය සඳහන් කළේ මෙම ජාවාරම කලක සිට සිදුකර තිබෙන සැකකරු මීට පෙර අවස්ථා ගණනාවකදීද පොලීසිය හා විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙනඇතිව අධිකරණයට පමුණුවනු ලැබූ අයකු බවත් සැකකරු මෙයට මාසයකට පෙර ද අලුත්ගම පොලිසිය මගින් මෙම වරදටම අත්අඩංගුවට ගෙන අධිකරණයට පත්කර ඇති බවත්ය.

ආරක්ෂක කැමරා සහිත තාප්පෙකින් වට වූ සුවිසල් නිවසක් සහිත යාබද ගොඩනැඟිල්ලක මෙම ජාවාරම සිදු කර ඇති බව වැටලිමට එක්වු උසස් පොලිස් නිලධාරයෙකු සඳහන් කලේය.

සැකකාර පුද්ගලයා සමග කසිප්පු පෙරීමට භාවිතා කර තිබෙන ඉහළ වටිනාකමක් ඇති සුදු යකඩ අඩි පහක් පමණඋස වට අඩි හතරක් පමණ ව්ස්කම්බධයක් සහිත පෙරුම් උපකරණයක් සමග නීතිවිරෝධීව පෙරන ලද කසිප්පු මිලිලීටර් 19000, 20000, සහ මිලිලිටර් 30000ක් බැගින්අඩංගු ප්ලාස්ටික් බැරල් තුනක්ද ගෝඩා මිලිලිටර් ලක්ෂ දෙකක් ද බහාලු තිබූ උපකරණ නඩු භාණ්ඩ පොලිස් භාරයට ගත් බව කීය.

මෙම කසිප්පු පෙරීමේ ජාවාරම සිදුකර තිබෙන්නේ ගෘහස්ථ ගෑස් සිලින්ඩර භාවිතා කරමින් ඉතා සූක්ෂමව වන අතර රජයේ මත්පැන්වලට සමාන කල හැකි ආකාරයෙන් නීති විරෝධීව නිපදවා ඇත.

මෙම කසිප්පු විවිධ ප්‍රදේශවලට තොග පිටින් අලෙවි කර ඇති බවත් පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් මෙම ජාවාරමට සම්බන්ධ 56 හැවිරිදි සැකකාර පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

– තුසිත කුමාර ද සිල්වා

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *