ශ්රී ලංකාව තුළ ළමා මන්දපෝෂණ තත්ත්වයක් නැහැ-සෞඛ්‍ය අමාත්‍යාංශය
ළමා මන්දපෝෂණ තත්ත්වයක් ශ්‍රී ලංකාව තුළ නැතැයි සෞඛ්‍ය අමාත්යාංශය පවසත්දී රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්යවරයකු ප්රකාශ කලේ එම රෝහලට ඇතුළත් කරන බොහෝ දරුවන් මන්දපෝෂණයෙන් පෙළෙන බවයි.
ශ්‍රී ලංකාව තුළ ළමා මන්දපෝෂණ තත්ත්වයක් ඇතැයි යුනිසෙෆ් සංවිධානය කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවනු ලැබුවා. එහිදී අමාත්‍යාංශ නිලධාරීන් සඳහන් කළේ ජාතික මට්ටමේ සමීක්ෂණයන්ට අනුව රට තුළ මන්දපෝෂණ තත්ත්වයක් නොමැති බවයි.
“සෞඛ්‍ය අමාත්යාංශය ලෙස අපි ඒක පිළිගන්නේ නැහැ. ජාතික මට්ටමේ සමීක්ෂණයන්ට අනුව එහෙම තත්ත්වයක් නැහැ. උග්‍ර මන්දපෝෂණ තත්ත්වයන් ශ්රී ලංකාවේ කවදාවත් දකින්න ලැබෙන්නේ නැහැ. මන්දපෝෂණය නිසා අපේ රටේ දරුවන් කවදාවත් මිය යන්නේ නැහැ“කෙසේ වෙතත් රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා අනාවරණ කළේ රෝහලට ඇතුළත් කරන බොහෝ දරුවන් මන්දපෝෂණයෙන් පෙළෙන බවයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

