ELLA ODYSSEY දුම්රිය ගමන් වාර වැඩි කරයි
උඩරට මාර්ගයේ සති අන්තයේ ධාවනය වන “ELLA ODYSSEY” දුම්රිය 08 දින සිට දැනට ධාවනය වන දුම්රියට අමතර තව ගමන් වාර දෙකක් ධාවනය කෙරෙන බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ටී.එස්. පොල්වත්තගේ මහතා නිවේදනය කරයි.
දේශීය සංචාරකයින්ගේ ඉල්ලීම පරිදි ධාවනය කෙරෙන දුම්රිය සෑම බ්‍රහස්පතින්දාවකම කොළඔ සිට බදුල්ල දක්වාත් සෑම සිකුරාදාවකම බදුල්ල සිට කොළඔ දක්වාත් ධාවනය කෙරේ.
ආසන වෙන් කිරීම 2022.09.02 දින ප.ව.03.00 සිට සිදු කෙරෙන අතර දුම්රියේ ගමන් කිරීමට නියමිත දිනට දින 14 ක කාලයක් ඇතුළත ආසන වෙන් කළ හැකි බව නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා වැඩි දුරටත් පැවසීය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

