Latestදේශීය

ඉන්ධන පිළිබඳව සංස්ථාවෙන් නිවේදනයක්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයන්නේ ඉන්ධන නොමැතිව රටපුරා දෛනිකව ඉන්ධනහල් 300ක් පමණ වසාදැමීමට සිදුවී ඇති බවට මාධ්‍ය විසින් පලකළ වාර් තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.

ප්‍රමුඛතා ලේඛ්නයක් මත පදනම්ව ඉන්ධන නිකුත් කිරීම මගීන් පෙර පැවති අක්‍රමිකතා මගහරවා ගනිමින් ඉන්ධන තොග බෙදාහැරීම විධිමත් කිරීමටත් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය විසින් ලබාදී තිබුණු මාර්ගෝපදේශ ද මෙහිදී සැලකිල්ලට ගත් බවත්

දැනට පවතින ඉන්ධන තොග බෙදාහැරීම සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය වනපරිදි සාධාරණ පදනමකින් සිදු කිරීමට අවශ්‍ය බැවින් විධිමත් කළමනාකරණයකින් යුක්තව එම ඉන්ධන තොග බෙදාහැරීමට ගෙන ඇති තීරණ අනුව යම් යම් තාවකාලික හා කෙටිකාලීන සීමාකම් මතුවීම සාමාන්‍ය තත්වයක් බවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෙන්වා දී තිබෙනවා.

මේ වනවිට දෛනිකව ඉන්ධනහල් වෙත ඩීසල් මෙට්‍රික් ටොන් 4,000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3,000ක් බෙදාහරින බවත් එය ඉන්ධන හිඟ කාලයට සාපේක්ෂව ඉහළ අගයක් බවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *