Latestක්‍රීඩා

ශ්‍රී ලංකාව ඉන්දියාවට එරෙහිව කඩුලු හයක විශිෂ්ඨ ජයක් වාර්තාකරයි

ආසියානු කුසලාන සුපිරි හතර වටයේ ඉන්දියාවට එරෙහි තරගයේදී කඩුලු හයක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මීට සුලුමොහොතකට පෙර සමත්වුණා.

ලකුණු 174ක ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම ට විශිෂ්ඨ ආරම්හ‍යක් ලබාදුන් පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් තම ජයග්‍රහණය වෙනුවෙන් ශක්තිමත් අඩිතාලමක් දැමුවේ පළමු කඩුල්ල සඳහා අගනා ලකුණු 97 ක සම්බන්ධතාවයක් වාර්තා කරමින්.

ප්‍රවේගකාරී පිතිහරඹයක නිරතවූ ආරම්හ‍ක පිතිකරු පැතුම් නිස්සංක පන්දු 37ක දී ලකුණු 52ක් රැස්කරමින් දස්කම් දැක්වූ අතර එම ඉනිම සඳහා හයේ පහර දෙකක් සහ හතරේ පහර හතරක් ඇතුලත් වුණා. කුසල් මෙන්ඩිස් අගනා ඉනිමක් දියත් කරමින් පන්දු 37 ට මුහුණදී ලකුණු 57 රැස්කළා. දොලොස්වන පන්දුවාරයත් 15 වන පන්දු වාරයත් අතර කඩුලු 4ක් බිඳවැටීම නිසා ශ්‍රී ලංකා කණ්ඩායම සුලු පසුබෑමකට ලක්වුණත් දසුන් ශානක සහ භානුක රාජපක්ෂ තරගය නැවතත් තමන් වෙත නතුකර ගැනීමට සමත්වුණා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *