Latestදේශීය

ජනාධිපති සභාව අමතද්දී විරෝධතා පුවරු රැගත් පිරිසක් වේදිකාවට ගොඩවේ.

පළමු අරගලය අවසන් අතර රට ගොඩනගන දෙවන අරගලය මෙතැන් සිට අරඹමු යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඒ සඳහා සියලු පක්ෂවලට කිසිදු බේදයකින් තොරව එක්වන ලෙස ආරාධනා කරන බව පැවසූ ජනාධිපතිවරයා ඒ තමන් වෙනුවෙන් නොව මතු පරපුර වෙනුවෙන් බලවත් රටක් ගොඩනැගීමේ වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට බවත් කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ 06 පස්වරුවේ කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවති එක්සත් ජාතික පක්ෂ 76 වන සංවත්සරය අමතමිනි.

ඉදිරි වසර 25ක කාලය තුළ ණය නැති බලගතු ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීම සඳහා ශක්තිමත් ප්‍රතිපත්ති රාමුවක් ඔස්සේ කටයුතු කළ යුතු බවත්, වසර පහෙන් පහට වෙනස් නොවන ශක්තිමත් ප්‍රතිපත්ති රාමුවක් සහිත මෙම වැඩසටහන ක්‍රියාත්මක කළ යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

‘එක්ව රට ගොඩනගමු’ යන්න මෙවර එක්සත් ජාතික පක්ෂ සංවත්සරයේ ප්‍රධාන තේමාව විය.

රට ගොඩනැගීම සඳහා සියලු දෙනා එක්වීම සංකේතවත් කරමින් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුව නියෝජනය කරන හා නොකරන සියලු පක්ෂ නායකයන්ට පක්ෂ සංවත්සරයට සහභාගී‍වන ලෙස විවෘත ආරාධනයක් කර තිබූ අතර, ඒ අනුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රමුඛ සෙසු පක්ෂ නායකයෝ රැසක් සංවත්සර උළෙලට සහභාගී වූහ.

Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *