Latestදේශීය

කවුරු සංවිධාන බිහිකළත් පොදුජන පෙරමුණට අභියෝගයක් නැහැ – සාගර කාරියවසම්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයට තවමත් 69 ලක්ෂයක ජනවරමක් ඇති බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා පවසනවා. රාජපක්ෂ දේශපාලනය යනු මේ රටේ පොදුජනයාට මෙන්ම පොදුජන පෙරමුණට ඇති ශක්තිය බවද ඔහු වැඩිදුරටත් පවසනවා.

පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ අදහස් පල කළා.

69 ලක්ෂයක ජනවරමක් ඇති ගෝඨාභය රාජපක්ෂ මහතා ලක්ෂයක් පැමිණ විරෝධතා කළ පමණින් රාජපක්ෂලා බලය අත් නොහැරිය යුතු බව තමන් අදටත් ප්‍රකාශ කරන බව කාරියවසම් මහතා පවසනවා.

කවුරු මොන දේශපාලන පක්ෂ හෝ සංවිධාන බිහිකලත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දේශපාලන කටයුතු ඉදිරියේදී සාර්ථකව ක්‍රියාත්මක කරන බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *