Latestදේශීය

ගෝඨාභය රාජපක්ෂ පිළිගන්න ගියේ හොරු – රංජන් රාමනායක

ගෝඨාභය රාජපක්ෂ මහතා පිළිගන්න ගිය අතරින් හොරා කාපු නැති කෙනෙක් සිටීනම් පෙන්නන ලෙස රංජන් රාමනායක මහතා මාධ්‍යවේදින්ට අභියෝග කරනවා.

චීන ජනාධිපති ශී ජින් පීන් මහතා මෙන්ම ඉන්දීය අගමැති නරසිංහ මෝදි මහතා මේ රටට කෙල හල හල සිටින බවත්, ඔවුන් මේ රටේ වටිනාකම දන්නා බවත් රාමනායක මහතා මෙහිදී වැඩිදුරටත් පැවසුවා.

අපේ රට සේද මාවතේ තියෙන ලස්සනම දූපතක් බවත් ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවා මේ රටට කෙල හලමින් පසුවන බවත් ඔහු පවසනවා.

හැමදාමත් ජනතාව තමන්ව පාර්ලිමේන්තුවට අංක 01ට පත්කළ බවත් තමන්ව නැති කරන්න කටයුතු කළේ වෙන පාර්ෂවයක් බවත් ඒ නිසා තමන් බය නැති බවත් ඔහු පවසනවා.

තමන්ගේ සදාකාලික නායකයා විජය කුමාරතුංග බවත් ඔහු සුනාමි හොරෙක් හෝ මිග් යානා හොරෙක් නොවන බවත් රංජන් රාමනායක මහතා වැඩිදුරටත් පැවසුවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *