පාසැල් සිසුන්ගේ බෑග් පරීක්ෂා කිරීමට වැඩපිළිවෙලක් – සුසිල් ප්‍රේම්ජයන්ත්
පාසල් සිසුන්ගේ බෑග් පරීක්ෂා ක්‍රමවේදය යළිත් ආරම්භ කරන බවත් ඉදිරියේදී ඒ සඳහා චක්‍රලේඛයක් නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා අද(07) පාර්ලිමේන්තුවේදී පැවසීය.
විවිධ මත් ද්‍රව්‍ය ටොෆී හෝ වෙනත් සූක්ෂම ආකාරයෙන් පාසල් දරුවන් අතර ට ගෙනයාමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් මේ සම්බන්ධයෙන් දැඩි ලෙස ක්‍රියාත්මක වීමේ කාලය එළඹ ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී පූජා අතුරලියේ රතන හිමි යොමු කළ වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.
අප පාසල් දරුවන් ආරක්ෂා කර ගත යුතු බවත් ලබන සතියේම මේ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්නා බවත් දෙමම්පියන් සහ පාසල් ප්‍රජාව මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටිය යුතු බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

