Latestදේශීය

වී ගන්න රු. බිලියන 2ක් අනුමත වුනත් තාම ලැබුනේ නැහැ. මේක විශාල ගැටලුවක් – මහින්ද අමරවීර

සහල් රටින් ගෙන්නන එක නතර කරලා තිබුනත්, වී මිළදී ගැනීමට ඉල්ලා සිටි රුපියල් බිලියන 2ක මුදල රාජ්‍ය බැංකු දෙකකින් ලබා ගැනීමට ගත් උත්සාහය තවමත් අසාර්ථකව ඇති බව අමාතය මහින්ද අමරවීර මහතා පවසනවා.

මෙම කටයුත්ත සදහා කැබිනට් අනුමැතිය ලැබී ඇති නමුත් තවමත් ඒ කටයුත්ත සිදුවන්නේ ඉතා මන්දගාමීව බව ඔහු වැඩිදුරටත් පවසනවා.

පෞද්ගලිකව මැදිහත් වී ජනාධිපති ලේකම් සමග කතා කළ ද තවමත් ඒ සම්බන්ධයෙන් සාධනීය විසදුමක් ලැබී නොමැති බව අමරවීර මහතා පවසනවා. මේ හේතුව නිසා වී මිළදී ගැනීමේ ගැටලු රාශියක් මතුවී ඇති බවයි අමාත්‍යවරයා අද (07) පැවති පාර්ලිමේන්තු රැස්වීමේදී ප්‍රකාශ කළේ.  


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *