Latestදේශීය

ඉදිරි දිනවල විදුලි කප්පාදුව සිදුනොවේ

විදුලිය ජනනය කිරීම සඳහා ප්‍රමාණවත් පරිදි ජලාශ පිරී තිබෙන බව මහජන මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා පවසනවා.‍

ගල්අඟුරු තොග ප්‍රමාණවත් ලෙස තිබෙනම් එලඹෙන දෙසැම්බර් මාසය වන තෙක් විදුලි කප්පාදුවක් අවශ්‍ය නොවන බවත් ඒ මහතා අද (08) මාධ්‍ය හමුවක් කැඳවමින් කියා සිටියා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මහජන මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවේ පසුගිය 03 වනදා සිට පැයක  විදුලි කප්පාදුවක්  සිදුකරන බව පවසුවද පසුගිය සතිය ඇතුළත දෛනික විදුලි කප්පාදුව පැයක් හෝ සිදු නොකල බවයි 5 වනදා සිට සැපයුම වැඩි වී ඇති බවත් අවශ්‍ය ප්‍රමාණයට වඩා ජනනය කිරීමේ හැකියාව ද තිබෙන බැවින් ගල්අඟුරු ප්‍රමාණයත් ප්‍රමාණවත් ලෙස පවතිනවා නම් ඉදිරි මාස දෙක තුන ඇතුළත විදුලි කප්පාදුවක් සිදු කිරීමට අවශ්‍යතාව ඇති නොවන බව ඒ මහතා අවධාරණය කළා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *