රංගන ශිල්පි දමිතා අබේරත්න බන්ධනාගාරගත කෙරේ
පසුගිය දිනවල පැවති අරගල වලදී ක්‍රියාකාරී දායකත්වයක් ලබාදුන් රංගන ශිල්පි දමිතා අබේරත්න මහත්මිය ඊයේ(07) දින කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා ඒ ඊයේ පස්වරුවේ පාර් ලිමේන්තු වටරවුම අසල පැවති විරෝධතාවකදී.
පසුගිය ජූලි 9 වැනිදින ජනාධිපති ලේකම් කාර් යාලයට බලහත්කාරයෙන් ඇතුළු වී එහි දේපළවලට හානි සිදු කළ බවට හා අයුතු ජනරාශී කිරීම් යන චෝදනා ඇයට එල්ල වී තිබුණා.කොටුව පොලිසියේ රඳවා සිටි රංගන ශිල්පිනි දමිතා අබේරත්න අද (8) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැප්තැම්බර් 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

