Latestදේශීය

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත සම්මත වේ

සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත සම්මත කර ගැනීම සඳහා අද පාර් ලිමේන්තුවේදී ඡන්ද විමසීමක් පැවැත්වුණා.

එහිදී සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත් කෙටුම්පත වැඩි ඡන්ද 81 කින් සම්මත විය.පනතට පක්ෂව ඡන්ද 91 ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 10 ක් පමණි.

සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය, ආණ්ඩුවේ සිට ස්වාධීන වූ ඩලස් අලහප්පෙරුම ප්‍රමුඛ විපක්ෂ කණ්ඩායම, විමල් වීරවංශ මහතා ඇතුළු ස්වාධීන පක්ෂ නවයේ කණ්ඩායමෙන් සභා ගැබේ  සිටි මන්ත්‍රීවරුන්  පනතට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කල අතර මන්ත්‍රීවරුන් 123 දෙනකු සභාවේ නොසිටියහ.

මෙම පනත ඡන්ද විමසීමකින් තොරව සම්මත කර ගැනීමට පක්ෂ එකඟ වී තිබුණු අතර පසුව අදාල පනත සංශෝධනය කර  තිබීම හේතුවෙන් පාර් ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක හා ආචාර්ය හර් ෂ ද සිල්වා විවාදයක් ඉල්ලා සිටියා. එහිදී පැවති විවාදයෙන් අනතුරුව මෙම ඡ්න්ද විවසීම පැවත්වුණා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *