Latestදේශීය

ආනයනික බඩඉරිඟු සඳහා බද්දක්

මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ආනයනික බඩඉරිඟු සඳහා රුපියල් 10ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පනවා තිබෙනවා.

ඒ අනුව ආනයනික බඩඉරිඟු සහ ඉදල් ඉරිඟු කිලෝග්‍රෑම් එකක් සඳහා රුපියල් 10ක විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්දක් පනවන අතර එය 2022 සැප්තැම්බර් 04 වනදා සිට 2022 දෙසැම්බර් 31 දක්වා ක්‍රියාත්මක කෙරෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන්

මෙසේ සෑම ආනයනික ඉරිඟු කිලෝග්‍රෑම් එකකින්ම අයකර ගන්නා රුපියල් 10ක  බදු මුදලින් රුපියලක් අයකරගෙන ඉතිරි රුපියල් 09 ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා ශ්‍රී ලංකා ත්‍රිපෝෂ ලිමිටඩ් ආයතනය වෙත යොමුකළ යුතු බවත් එම ගැසට් නිවේදනයේ සඳහන් කර තිබෙනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *