Latestදේශීය

වතු කම්කරුවන්ට ලෝක බැංකු ආහාර වැඩසටහන යටතේ ආධාර – මනූෂ නානායක්කාර

සියලු වතු කම්කරුවන්ට ලබන මාසයේ සිට ලෝක ආහාර වැඩසටහන සහ ලෝක බැංකු ආධාර යටතේ විශේෂ දීමනාවක් ලබා දෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා   (07) පාර්ලිමේන්තුවේදී පැවසීය.

නව සභාවාරයේ කම්කරු හා විදේශ රැකියා කටයුතු පිළිබද අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ
පළමු රැස්වීමට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසීය. මේ අනුව ගරු ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි පවතින ආර්ථික අර්බුදය හමුවේ වතු කම්කරුවන්ට මෙන්ම නාගරික වතු ප්‍රජාවටද මෙය ලබා දීමට පියවර ගන්නා බවද අමාත්‍යවරයා සදහන් කළේය. පවතින අර්බුදය හමුවේ ජපානය, කොරියාව සහ ඊශ්‍රාලය ආදි රටවලට වඩා වැඩි ශ්‍රමිකයන් පිරිසක් යැවීම වඩාත් විධිමත් ලෙස සිදු කිරීමට මේ වන විට පියවරගනිමින් සිටින බවත් අමාත්‍යවරයා පැවසීය. එසේම ජපානය වැනි රටවලට ශ්‍රමිකයන් යවන බව පවසා පන්ති පවත්වන වංචනිකයන්ද සිටින බැවින් ජනතාව නිවැරදිව කරුණු සොයාබලා කටයුතු කිරීමේ වැදගත්කමද මෙහිදී සාකච්ඡා විය.

 (08)  දිනයේ පාර්ලිමේන්තුවේ සම්මත කර ගැනීමට නියමිත කාර්මික ආරවුල් (සංශෝධන) පනත් කෙටුම්පත් ද්විත්වයක්ද කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන)(සංශෝධන) පනත්
කෙටුම්පත ද මෙහිදී සලකා බැලුණු අතර ඊට අදාළ අනුමතිය හිමිවිය.


  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයන් වන ජෝන් සෙනෙවිරත්න, වඩිවේල් සුරේෂ්, ඩී.බී හේරත්, වේලු කුමාර් යන මහත්වරු ඇතුළු මන්ත්‍රීවරු පිරිසක්ද කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *