Latestදේශීය

දිනිත් චින්තක කරුණාරත්න ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් තනතුරට

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු වන දිනිත් චින්තක කරුණාරත්න මහතා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙහි, ඊයේ (08) වැඩ භාරගත්තේය.


විජය පුවත්පත් සමාගමෙහි ලංකාදීප පුවත්පතෙහි මාධ්‍යවේදියකු ලෙස සිය වෘත්තීය දිවිය ආරම්භ කළ දිනිත් චින්තක කරුණාරත්න මහතා ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ දශක තුනකට වැඩි කාලයක් ප්‍රවෘත්ති සමකර්තෘ ධුරයද ඇතුළු වගකීම් සහිත තනතුරු රැසක හසළ අත්දැකීම් ඇති මාධ්‍යවේදියෙකි.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන දිනිත් චින්තක කරුණාරත්න මහතා  ජීව විද්‍යා උපාධිධරයෙකි. එමෙන්ම ඒ් මහතා ඇමරිකාවේ කැලිෆෝනියාහි සැන්ටා මොනිකා විද්‍යායතනයේ සන්නිවේදන විෂය පිළිබඳව උසස් අධ්‍යාපනය හැදෑරීය. දිනිත් චින්තක කරුණාරත්න මහතා ජනමාධ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධව දේශීය මෙන්ම විදේශීය වශයෙන් පුළුල් පරිචයක් ලබා සිටී.

නව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා සිය ධුරයෙහි රාජකාරි ආරම්භ කළ අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් අනූෂ පැල්පිට මහතා, හිටපු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා ඇතුළු ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ද ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයෝ රැසක්ද එක්ව සිටියහ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *