Latestදේශීය

ළහිරු ට පහරදුන් බවට චෝදනා

වෙනසක තාරුණ්‍යය සංවිධානයේ සංවිධායක ළහිරු වීරසේකර මහතා පොලිස් අත්අඩංගුවට පත්වන අවස්ථාවේ සිදුවු පහරදීමක් නිසා අද (10) පෙරවරුවේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණා.

පසුව ජාතික රෝහලවෙත පැමිණි මාලිගාකන්ද වැඩබලන මහේස්ත්‍රාත්වරිය විසින් රුපියල් ලක්ෂ දෙකක පුද්ගල ඇපමත ළහිරු වීරසේකර නිදහස් කිරීමට නියෝග කළා.
ඊයේ (09) පස්වරුවේ ගාලු මුවදොරට රැස්වී විරෝධතාවක් පවත්වා අරගලයේදී මියගිය හා සිරගතවුවන් සිහිකරමින් පැවති සමරුම අවසන් වී යළි එමින් සිටියදී ළහිරු වීරසේකරව මරදාන පොලිස් නිලධාරීන් විසින් කොල්ලුපිටියේදී අත්අඩංගුවට ගනු ලැබුවා.

මෙසේ ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ අගෝස්තු 30 වනදා මරදානේ පැවති විරෝධතාවක් අතරතුර පොලීසියේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත .

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වමින් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සඳහන් කළේ, අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ළහිරු වීරසේකරට පහරදීමක් සිදුවී තිබෙන බවත් ඒ පිළිබඳව මානව හිමිකම් කොමිසන් සභාව වෙත පැමිණිලි කර ඇති අතර පොලීසිය ඒ සම්බන්ධයෙන් කරුණු විමසීමක් සිදු කරමින් පවතින බවයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *