ශ්‍රී ලංකාව හයවන වරටත් ආසියානු නෙට්බෝල් ශූරතාව දිනයි
සිංගප්පූරුවේදී පැවැති ආසියානු ශූරතා අවසන් මහා තරගයේදී සත්කාරක සිංගප්පූරුව ලකුණු 63-53ක් ලෙස පරාජය කළ ශ්‍රී ලංකාව හයවැනි වරටත් ආසියානු දැල්පන්දු ශූරතාව දිනා ගැනීමට අද දින සමත්වුණා.
ගයාංජලී අමරවංශගේ නායකත්වයෙන් යුත් කණ්ඩායම තරගාවලිය පුරා අපරාජිතව සිටිමින් ආසියානු කුසලාන ඉතිහාසයේ දසවැනි වතාවටත් අවසන් තරගයකට සුදූකම් ලැබුවා.
ජයග්‍රාහී කණ්ඩායමේ සෙසු ක්‍රීඩිකාවන් වූයේ දුලංගි වන්නිතිලක, තර්ජනී සිවලිංගම්, සේමිණී අල්විස්, හසිතා මෙන්ඩිස්, ජානති පෙරේරා, දිව්‍යාංජලී පෙරේරා, භාෂිනි ද සිල්වා, චතුරංගි ජයසූරිය, මල්මි හෙට්ටිආරච්චි, ගයනි දිසානායක සහ ධර්ෂනී අබේකෝන්.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

