ජයග්‍රාහී ක්‍රිකට් සහ දැල්පන්දු කණ්ඩායම් රථ පෙලපාලියකින් කොළඹට
ආසියානු කුසලාන දිනූ ජාතික ක්‍රිකට් සහ දැල්පන්දු කණ්ඩයම් උත්කර්ෂවත් ලෙස පිලිගැනීමට ක්‍රීඩා අමත්‍යාංශය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ජාතික දැල්පන්දු සංගමය සහ එම කණ්ඩායම්වල නිල අනුග්‍රහයකයින් වන ඩයලොග් සමාගම කටයුතු කොට තිබෙනවා.
හෙට උදෑසන ශ්‍රී ලංකාවට පැමිණෙන කණ්ඩායම් දෙකම කටුනායක සිට කොළඹ දක්වා රථ පෙලපාලියකින් කැඳවාගෙන පමිණීමට කටයුතු කර ඇති බව සංවිධායකයින් පවසනවා. එම රථ පෙලපාලිය උදෑසන 6.30 ට කටුනායකින් ආරම්භ වීමට නියමිතයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

