විදේශීය

තායිවානයේ ගිනිකොණදිග ප්‍රදේශයේ භූ කම්පනයක්

තායිවානයේ ගිනිකොණදිග ප්‍රදේශයේ රික්ටර් මාපකය 6.8ක භූ කම්පනයක් හට ගෙන ඇත.

භූ කම්පනය හේතුවෙන් එම ප්‍රදේශය අවට කුඩා ගොඩනැගිලිවලට හානි සිදු වී ඇති අතර ඒ හේතුවෙන් ජපානයේ ඔකිනාවා ප්‍රන්තයට සුනාමී අනතුරු ඇඟවීම් ද නිකුත් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

සුනාමි මුහුදු රළ මීටරයක් පමණ උසට එසවිය හැකි බවත් එම නිසා ප්‍රදේශයේ ජනතාවට උස් බිම්වලට ගොස් ආරක්ෂාකරි ලෙස සිටින ලෙසත් දැනුම් දී තිබේ.

මේ පිළිබඳ අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය සඳහන් කර ඇත්තේ, එම භූ කම්පනය රික්ටර් මාපකය 7.2ක ප්‍රබලත්වයකින් යුක්ත බවය.

අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණ ආයතනය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ එම භූ කම්පනය කිලෝමීටර් 10ක් ගැඹුරින් සිදු ව ඇති බවයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *