අගමැති අටමස්ථාන වැඳපුදා ගනී
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුවර්ධන මහතා අද (18) පෙරවරුවේ අටමස්ථාන වැඳපුදාගෙන තිබේ.
එහිදී අග්‍රාමාත්‍යවරයා අටමස්ථාන භාරව කටයුතු කරන නායක ස්වාමින්වහන්සේ මුණගැසී උන්වහන්සේගේ ආශිර්වාද ලබා ගෙන ඇත.
අනුරාධපුර පුජා නගරයට අද පෙරවරුවේ පැමිණි අග්‍රාමාත්‍යවරයා පළමුව ඓතිහාසික ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳපුදාගෙන ඇති අතර අනතුරුව රුවන්වැලි මහා සෑ රදුන් වැඳපුදා , රුවන්වැලි සෑ විහාරාධිපති පුජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගෙන තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

