සර්ව පාක්ෂි ආණ්ඩුවක් පිහිටුවීමට ආණ්ඩු පක්ෂයේ එකඟ නැහැ – මෛත්‍රීපාල සිරිසේන
සර්ව පාක්ෂි ආණ්ඩුවක් සෑදීම සඳහා විපක්ෂයේ එකඟතාවයක් තිබුණ ද ආණ්ඩු පක්ෂයේ එකඟත්වයක් නොමැති බව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කර තිබේ.
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා බහුතරයක් දේශපාලන පක්ෂවල කැමැත්තක් තිබෙන බව ද කොළඹදී අද (18) පෙරවරුවේ පැවති වැඩසහටනකට එක්වෙමින් ඔහු ප්‍රකාශ කර ඇත.
එසේම හිටපු ජනාධිපතිවරයාගෙන් හා වත්මන් ජනාධිපතිවරයාගෙන් අමාත්‍ය මණ්ඩලය 20 කට සීමා කරන ලෙස ඉල්ලා සිටි බවත් නමුත් දවසින් දවස ඇමතිවරුන් පත්වෙන බවයි හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

