නිවැරදි තීරණ නොගත්තොත් රට ලේ විලක් වේවි – දයාසිරි ජයසේකර
ඉදිරි මාස තුන හතර ඇතුළත වඩාත් දරුණු හා සංවිධානාත්මක ලෙස. ජනතා අරගල පරිවර්තනය වී ලේ වැකි අනාගතයක් කරා රට තල්ලු වෙමින් පවතින බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් හිටපු අමාත්‍ය නීතිඥ දයාසිරි ජයසේකර පැවැසීය.
හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනයේ ඉකුත් දා පැවැති තිරසර ප්‍රතිපත්ති හා ජාතික පොදු වැඩපිළිවෙළක් උදෙසා තරුණ සමුළුවට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී තවදුරටත් අදහස් දැක්වූ හෙතෙම මෙසේද කීය.
කවුරු හරි හිතනවා නම් මේ අරගලය මෙතැනින් ඉවර වුණා කියලා ඒක සම්පූර්ණයෙන්ම වැරදි අදහසක්.
තව මාස තුන හතරක් ඇතුළත මීට වඩා දරුණු ලෙස සංවිධානාත්මක ලෙස මෙයට වඩා ලේ වැකි අනාගතයක් කරා යන්න පුළුවන් තැනකට මේක තල්ලු වෙමින් තියෙන්නේ. සෞඛ්‍ය ක්‍ෂේත්‍රයේ රෝහල්වලට යනකොටම පුටුවල වාඩි වෙලා ඉන්න අය දකිනවා. ඒ අයව ගන්නේ ‘සනීපාරක්ෂක කම්කරු’ කියලා.
ඒ වැඩේ කරන්න ලංකාවේ සුද්ධ කිරීමේ ආයතනයකට බිලියන දෙසීය හැට අටක් ගෙවලා තියෙනවා. ගිය අවුරුද්දේ විතරක්. මේ කෝපා කමිටුවේදී අනාවරණය වූ සිද්ධියක්. විශාල ප්‍රමාණයක් තියෙනවා සුද්ධ කර ගන්න ඕනේ දේවල්. මේවා සුද්ධ කරගන්න කොන්දක් තියෙන දේශපාලනඥයෝ නැතිකම තමයි අපිට තිබුණු ප්‍රධාන අර්බුදය.
කවුරු ජනාධිපති, අගමැති වුණත් සියලු පක්ෂ එකතු වෙලා මේ තීන්දුවට දැන්වත් එන්න පුළුවන් නම් හොඳයි. අපිට යළි අවස්ථාවක් එන්නේ නැති වෙයි. පනහක් හැටක් එකතු වෙලා කරන විනාශයක ප්‍රතිඵලයක් විධියට මුළු දෙසිය විසිපහටම බැනුම් අන්න වෙලා තියෙන්නේ.”
සවනි ශේශාධි
– Mawbima
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

