Latestදේශීය

අද ශෝක දිනයක්

1952 – 1972 දක්වා ශ්‍රී ලංකාවේ අග රැජින ලෙසද,පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රධානී ලෙසද කටයුතු කළ, දෙවන එලිසබෙත් මහ රැජිණගේ අභාවය වෙනුවෙන් අද (19) ශෝක දිනයක් ප්‍රකාශයට පත් කිරීමට රජය පියවර ගෙන තිබේ.

දෙවන එළිසබෙත් මහරැජිණගේ රාජකීය අවමංගල උත්සවය යෙදෙන අද (සැප්.19 දින )මෙලෙස ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළ අතර මෙම ශෝක දිනය වෙනුවෙන් රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ද ප්‍රකාශයට පත් කළ බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය පසුගිය දා නිවේදනය කළේ ය.


එසේම (19 ) අද දක්වා ජාතික කොඩිය අඩකුඹු කර තබන ලෙස ද රාජ්‍ය ආයතන වෙත දන්වා තිබුණි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *