චීනයේ හමුදා කුමන්ත්‍රණයක්? ජනපති අත්අඩංගුවේ?
චීන ජනාධිපති ෂී ජින්පින්ග් නිවාස අඩස්සියේ තබා ඇති බවට සමාජ මාධ්‍ය පුවතත් පැතිර යමින් ඇති අතර ඒ පිලිබදන චීනය නිල වශයෙන් ප්‍රකාශයක් නිකුත් කර නැත.
චීනයේ මහජන විමුක්ති හමුදාවේ ප්‍රධානියා ඉවත් කර ඇති බවත් චීනයේ අගනුවර වන බීජිං මේ වන විට හමුදාවේ පාලනය යටතේ පවතින බවට සමාජ මාධ්‍ය වාර්තාවල දැක්වෙයි.
මෙය සිදු වන්නේ හිටපු ඉහළම ආරක්ෂක නිලධාරියෙකුට චීන අධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කිරීමෙන් දිනකට පසුවය.
ඔහු චීන ජනාධිපතිට විරුද්ධ දේශපාලන කණ්ඩායමක සාමාජිකයෙක් යයි විශ්වාස කෙරේ.
මෙම කණ්ඩායමට සම්බන්ධ තවත් පුද්ගලයන් දෙදෙනෙකුට එලෙසම අත්හිටවූ මරණ දණ්ඩනය නියම වූ අතර තවත් තිදෙනෙකුට මේ සතියේ සිරදඬුවම් නියම විය.
කෙසේ වෙතත්ල මෙම කටකතා පිළිබඳව චීන කොමියුනිස්ට් පක්ෂයෙන් හෝ රාජ්‍ය මාධ්‍යයෙන් නිල තහවුරු කිරීමක් නොමැත.
එක්සත් ජනපදයේ පදිංචිව සිටින චීන මානව හිමිකම් ක්‍රියාකාරිනියක වන ජෙනිෆර් සෙන්ග් ට්විටර් හි වීඩියෝවක් මුදා හරිමින් සදහන් කර ඇත්තේ චීන හමුදා රථ පෙලක් බීජිං දෙසට ගමන් කරන බවයි.
Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

