ප්‍රසන්න ඇමති පුතාගෙත් ඇමති තාත්තලාගෙත් තෙල බස්සන හැටි ජනතාව දන්නවා – නිරාශාන් වික්‍රමගේ (Video)
ගම්පහ මිනිස්සු අත්වැරදීමකින් රස්තියාදුකාරයන්ව පාර්ලිමේන්තු එවා ඇති බවත්, එය කිහිපවතාවක්ම සිදුකර තිබුනු බවත්, ඒ තුළින් රස්තියාදුකාරයන්ගේ ගුබ්බෑයමක් බවට පාර්ලිමේන්තුව පත්ව ඇති බවත් සර්වපාක්ෂික අරගලකරුවෝ සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක නිරාශාන් විතානගේ මහතා පවසනවා.
පාර්ලිමේන්තුවේ මිරිස් කුඩු ගහගෙන නින්දිත ලෙස හැසිරුණු හිටපු අමාත්‍යවරයෙක් මෙන්ම වත්මන් අමාත්‍යවරයෙක්ද වන ප්‍රසන්න රණවීර අමාත්‍යවරයාගේ පුත්‍රයා විසින් රටේ ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන දේපල අවභාවිතා කරමින් පසුගිය දිනෙක කිරිබත්ගොඩ ප්‍රදේශයේ උපකාරක පන්තියක් අසලදී පාසල් සිසුවෙකුට අමානුෂික ලෙස පහරදීමට ගොස් තිබෙන්නේ අමාත්‍යංශයේ වාහනයකින් බව පවසන නිරාශාන් මහතා වහාම ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්ථමෙන්තුවට පැමිණිලි කළ බව පවසනවා.
දැන් තිබෙන්නේ කලින් තිබුනු රට නොවන බවත් සුවිශාල අරගලයකින් පාදඩ දේශපාලනඥයින්ව පන්නන්න ජනතාව කටයුතු කළ බව ඇමති පුත්තුන්ට මෙන්ම ඇමති තාත්තලාටත් මතක් කරන බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් නිරාශාන් විතානගේ මහතා වැඩිදුරටත් පවසනවා.