පොහොට්ටු මන්ත්රීවරු පොලිස්පතිට එරෙහිව ජනපති හමුවට
පොලිස්පති චන්දන වික්රමසිංහ මහතා සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන්නැයි ශ්රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්රීවරුන් රැසක් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගෙන් නැවතත් ඉල්ලා තිබේ.
කලහකාරී පිරිස් විසින් පසුගිය මැයි මස 06 වැනිදා මැති ඇමතිවරුන්ගේ නිවාස ඇතුලු දේපල විනාශ කිරීමේ සිදුවීමේ දී නීතිය ක්රියාත්මක නොකළේ යැයි චෝදනා කරමින් මෙම ඉල්ලීම රනිල් වික්රමසිංහ මහතාගෙන් කර ඇත.
ජනාධිපතිගේ ප්රධානත්වයෙන් මේ සතියේ පැවති ආණ්ඩු පක්ෂ රැස්වීමේදී දැඩිව මෙම ඉල්ලීම සිදුකර ඇති බවද රජයේ ආරංචි මාර්ග කියා සිටී.
මැති ඇමතිවරුන්ගේ නිවාස වලට පහරදීම ආරම්භ වූ අවස්ථාවේදීම පොලිසිය නිසි පරිදි ක්රියාත්මක වූයේ නම් ඒවා පාලනය කිරීමට පැහැදිලිව හැකියාව තිබූ බව එම මන්ත්රීවරුන් පෙන්වා දී තිබේ.
Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

