ගෝල්ෆේස් පහර දීම සම්බන්ධයෙන් පාර්ෂව ගණනාවක් පොලීසියට එරෙහිව නීතිය හමුවට
පසුගිය කාල වකවානුවේ විවිධ අවස්ථාවන් හී දී අරගලය වෙනුවෙන් දිවිපිදූ විරුවන් සිහිපත් කරමින් ඊයේ (09) දිනයේ ගෝල්ෆේස් පිටියේ සාමකාමීව පැවැත්වූ විරු සමරුවට ඇතුළුවී පොලීසියේ උසස් නිළධාරීන් ඇතුළු විශාල පොලිස් බට කන්ඩායම් විසින් කුඩා දරුවන් ඇතුළු එහි සිටි සමස්ථ ජනතාවට එල්ල කළ ප්‍රහාරයට එරෙහිව රටපුරා විවිධ පිරිස් වෙතින් විරෝධතාවයන් දියත් වෙමින් පවතිනවා.
අත දරුවන්ට පවා හිංසා කරමින් පාසැල් සිසුන්ව පවා අත්අඩංගුවට ගනිමින් පොලීසිය විසින් සිදුකළ පහරදීමට එරෙහිව සාක්ෂි එකතු කරමින් පොලිස් නිළධාරීන්ට එරෙහිව නීතිය හමුවේ ගතහැකි උපරිම ක්‍රියාමාර්ග ගන්නා බව මෙම පහරදීමට එරෙහිව ක්‍රියාත්මක වන පාර්ෂව ගණනාවක් දැනටමත් අදහස් දක්වා තිබෙනවා.
මේ අතර ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා ඇතුළු පිරිසක් අද දින ළමා රක්ෂක අධිකාරිය වෙත යමින් දරුවන්ට එල්ල කළ පහරදීම සම්බන්ධයෙන් පොලීසියට එරෙහිව පැමිණිල්ලක් ගොනු කළා. ඒ අනුව වහාම පරීක්ෂණයක් පවත්වා අදාල පොලිස් නිළධාරින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි ස්ටාලින් මහතා පවසන්නේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

