Latestදේශීය

තිළිණිගේ ආයෝජන ක්‍රිෂ් සමාගමේ

ව්‍යාපාරිකයන්ගෙන් ලබාගත් රුපියල් බිලියන ගණනක මුදල්වලින් වැඩිම කොටසක් ආයෝජනය කළේ ක්‍රිෂ් සමාගමට අයත් ‘ද වන්’ මිශ්‍ර ආයෝජන ව්‍යාපෘතියේ ප්‍රධාන විධායක නිලධාරිනි ජානකි සිරිවර්ධන වෙත බව තිළිණි ප්‍රියමාලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෙළිකර ඇත.

තිළිණි ප්‍රියමාලිට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කළ ව්‍යාපාරිකයන්ගේ ප්‍රකාශවලින්ද ජානකි සිර්වර්ධන මෙම වංචාවට සම්බන්ධ බව හෙළි වී ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මුල්ම පැමිණිල්ල කළ අබ්දුල් සක්කාර්ගේ ප්‍රකාශයේ සඳහන්ව තිබුණේ හිටපු ආණ්ඩුකාර අසාද් සාලිගේ නිවසට මැයි 3 වැනිදා ගිය මොහොතේ හමු වූ ජානකි සිරිවර්ධන, තිළිණි ප්‍රියමාලිගේ ‘තිකෝ’ සමූහ ව්‍යාපාරයේ මුදල් ආයෝජනය කරන ලෙස දැන්වූ බවයි.

අනතුරුව ජානකි සිරිවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්ත​මේන්තුව වෙත කැඳවා ඒ පිළිබඳව ප්‍රකාශයක් ලබාගෙන ඇත.

තිළිණි ප්‍රියමාලිගේ මුදල් ‘ද වන්’ ව්‍යාපෘතියේ ආයෝජන කර ඇති බවට නැගෙන චෝදනාව ජානකි සිරිවර්ධන ප්‍රතික්ෂේප කර ඇති අතර තමන් ආයෝජන උපදෙස් පමණක් ඇයට ලබාදුන් බව හෙළිකර ඇත.

තිළිණි ප්‍රියමාලිගේ වංචාවට හසුව ව්‍යාපාරිකයන් හෙළිකරන තොරතුරු හා දිනපතා ලැබෙන පැමිණිලි අනුව ජානකී සිරිවර්ධන යළිත් කැඳවා දීර්ඝ ලෙස ප්‍රකාශ ලබාගැනීමට තීරණය කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

– Aruna


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *