Latestක්‍රීඩාදේශීය

ආසියානු යොවුන් මළල ක්‍රීඩා ශූරතාවය සඳහා අට දෙනෙක්

ඔක්තෝම්බර් 13 සිට 16 දක්වා කුවෙයිට් හි පැවැත්වීමට නියමිත 4 වන ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවය සඳහා සහභාගිවන ශ්‍රීලංකා  කණ්ඩායම ඊයේ රාත්‍රී කුවේට් රජ්‍ය බලා පිටත් වුනා.

අටදෙනෙකුගෙන් සමන්විත කන්ඩායමට ක්‍රීඩකයින් පස්දෙනෙක් සහ ක්‍රීඩිකාවන් තුන්දෙනෙකු ඇතුලත්.

මීටර 400 ඉසව්ව සඳහා සහභාගිවන සලමුතු ජයතිලක සහ තේමින්ද රාජපක්ෂ, උසපැනීම සඳහා දෙනෙත් අනුහස් සහ ජී. එල්. අර්ථවිදු සහ දුර පැණීම සඳහා සහභාගිවන රස්වින් කරීම් එම ක්‍රීඩකයින් පස්දෙනායි. මීටර 800 ඉසව්ව සංඳහා නිර්මලී වික්‍රමසිංහ, දුර පැණීමෙන් මදුශිකා හේරත් සහ උසපැණීමේ ඉසව්ව සඳහා සිතුලි සාදිත්‍යා යන ක්‍රීඩිකාවන් සහභාගිවීමට නියමිතයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *