තිළිණි ප්‍රියමාලි පසුපස සිටින්නේ නාමල් රාජපක්ෂ – වසන්ත සමරසිංහ
අරලිගහ මන්දිරයේ අග්‍රාමාත්‍යවරයාට හිමිවිය යුතුව තිබූ ප්‍රභූ ආරක්ෂාව තිළිනි ප‍්‍රියමාලි නම් ජාවාරම්කාරියනට ලබා දුන්නේ කෙසේදැයි ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා ප්‍රශ්න කරයි.
අගමැතිට හිමි විය යුතු වූ ප්‍රභූ ආරක්ෂාව ජාවාරම් කාරියකට ලැබී තිබුණේ කෙසේදැයි සොයා බැලිය යුතු බවද කියා සිටි ඔහු මෙවන් කාන්තාවන් ලඟ සඟවා තිබුණේ විවිධ පුද්ගලයන්ගේ කළු සල්ලි බවද පැවසීය.
ඇය ලග මුදල් ආයෝජනය කල බවට සමාජ ජාලවල හුවාමාරු වන නම් ලයිස්තුවක තමන් ඇතුළු තම පක්ෂයේ පිරිසකගේ ද නම්ඇති බවත් පැවසූ ඔහු ඒ සම්බන්ධයෙන් රහස් පොලිසියට පැමිණිලි කරන ලද බවත් දැන් සාක්ෂි කිසිවකු හෝ ඇත්නම් ඔප්පු කරන ලෙසත් කියා සිටියේය.
සිදුවීම පිලිබදව පැමිණිල්ලක් කිරීමට රහස් පොලීසියට ගොස් ආපසු එන අතර වාරයේ මාධ්‍ය වෙත ඔහු මෙම අදහස් පළ කළේය.
තිළිණි ප‍්‍රියමාලි රහස් පොලිසියට ලබාදී ඇති ප්‍රකාශයක් අනුව ඇයගේ මුදල් ආයෝජනය කර ඇත්තේ ජානකි සිරිවර්ධන නමැත්තිය ළඟ බවත් ජානකි සිරිවර්ධන යනු නාමල් රාජපක්ෂගේ සමීප හිතවතියක බවත් එනම් ප‍්‍රියමාලි පසුපස සිටින්නේ නාමල් රාජපක්ෂ බවත් ඔහු තව දුරටත් කියා සිටියේය.
Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

