Latestදේශීය

බාල පෙට්‍රල් විකුණනවා – ජනක රත්නායක

ඇතැම් ඉන්ධන පිරවුම්හල්වල පෙට්‍රල් නිකුත් කිරීමේදී ඔක්ටේන් 95 යයි කියමින් ඔක්ටේන් 92 පෙට‍්‍රල් නිකුත් කරන බව පැමිණිලි ලැබී ඇතැයි මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.

ඔක්ටෙන් 92 යැයි කියමින් ඉතා බාල පෙට්‍රල් අලෙවි කරන බවටත් පැමිණිලි ලැබී ඇති බවද එහි සභාපති ජනක රත්නායක මහතා පැවසීය.

ඒ අනුව ඉන්ධන පිරවුම්හල් කිහිපයකින්ම ඉන්ධන සාම්පල ලබාගෙන තාක්ෂණික ආයතන වෙත යොමුකර ඇති බවද ඒ මහතා සදහන් කරයි.

ඉන්ධන පිරහුම් හල් වල අකටයුතුකම් පිළිබඳ මාස දෙකක් තුළ පැමිණි දෙසීයකට වැඩි ප්‍රමාණයක් ලැබුණු බව ද පැවසූ ඔහු පාරිභෝගික අධිකාරියෙන් පවා මේ පිළිබඳව පැමිණිලි ලැබී ඇතැයිද කියා සිටියේය.

Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *