ලංකාව මැදි ආදායමෙන් පහළට ගෙන අඩු ආදායම් රටක් කරන්න කැබිනට් අනුමැතිය
මැදි ආදායම් ලබන රටක් ලෙස නම් කර ඇති ශ්‍රී ලංකාව අඩු ආදායම් ලබන රටක් බවට වර්ගීකරණය කිරීමේ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත.
ශ්‍රී ලංකාව මේ වන විට මුහුණ දී ඇති දැඩි අසීරු තත්වය හමුවේ ජාත්‍යන්තර ආයතන මගින් ණය ආධාර ලබාගැනීම පහසු කරගැනීමේ අපේක්‍ෂාවෙන් මෙසේ මැදි ආදායම් ලබන රටක සිට අඩු ආදායම් ලබන රටක් දක්වා පහත දැමීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (11) පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.
ලංකාදීප
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

