Latestදේශීය

වන්නිල ඇත්තන්ට පොලිස් ආරක්ෂාව

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන්ට පොලිස් ආරක්ෂාව ලබා දෙන ලෙස දැනුම්දී තිබේ.

බදුල්ල කොට්ඨාස භාර ජේෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් මහියංගන පොලිස් ස්ථානාධිපතිවරයා වෙත නියෝග කර ඇත්තේ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ ආරක්ෂාවක් වන්නිල ඇත්තන්ට ලබා දෙන ලෙසයි.

වන්නිල ඇත්තන් විසින් තමන්ට එල්ල වී ඇතැයි කියන මරණ තර්ජන සම්බන්ධයෙන් මහියංගණය පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව මෙම ආරක්ෂාව ලබාදීමට දැනුම්දී තිබේ.

ඔහුගේ පැමිණිල්ල සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ද පොලිසිය විසින් ආරම්භ කර ඇත.

දැනට රැදවුම් නියෝග මත රඳවාගෙන සිටින අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ වෙනුවෙන් පෙනී නොසිටින්නැයි තමන්ට නිර්නාමික ලිපි මගින් තර්ජනය එල්ල වන්නේ යැයි වන්නිල ඇත්තන් විසින් පොලිසියට පැමිණිලි කර තිබේ.

Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *