Latestදේශීය

නාවලපිටියේදී මහින්දට විරෝධය – පොලීසිය විරෝධතාකරුවන් අත්අඩංගුවට ගනී

ජිවන වියදම ඉහල යාම ඇතුළු ඉල්ලිම් ගණනාවක් මුල් කරගනිමින් නාවලපිටිය නගර මධ්‍යයේ (16) දින උද්ඝෝෂණයක් සිදු කිරිමට උත්සහ කල නාවලපිටිය ආසනයේ සමගි ජන බලවේගයේ නාවලපිටිය ආසන සංවිධායක සසංක සම්පත් සංජිව මහතා ඇතුළු එම පක්ෂයේ ආධාරකරුවන් දස දෙනෙකු නාවලපිටිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

එම පිරිස උද්ඝෝෂණය සිදු කිරිම සදහා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල අසල සිට නාවලපිටිය නගරයට පැමිණෙන අතරතුර නාවලපිටිය පොලිසියේ නිලධාරින් ශබ්ද විකාශන යන්ත්‍ර උපයෝගි කරගනිමින් නාවලපිටිය නගර මධ්‍යයේ උද්ඝෝෂණය සිදු කිරිම සදහා පොලිසියෙන් අවසර ලබාගෙන නොමැති බව පැවසුවද එය නොතකා එම පිරිස උද්ඝෝෂණය සිදු කිරිමට නගරයට පිවිසිමට උත්සහ කිරිමේදි මෙම පිරිස පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නාවලපිටිය ආසනයේ ආසන බල මණ්ඩල රැස්විම හිටපු ජනාධිපති සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් නාවලපිටිය මහින්දානන්ද පදනම් කාර්යාලයේදි (16) දින පැවැත් වු අතර, එම රැස්විමට විශාල ආධාරකරුවන් පිරිසක් පැමිණ සිටි අතර, දෙපිරිස අතර ගැටුමක් ඇති නොවිමට කටයුතු කරමින් සමගි ජන බලවේගයේ පිරිසට නාවලපිටිය නගර තුලට පිවිසමට හෝ උද්ඝෝෂණය කිරිමට පොලිස් නිලධාරින් විසින් කටයුතු කෙරිණ.

අත්අඩංගුවට ගත් සමගි ජනබලවේගයේ පිරිස නාවලපිටිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව නාවලපිටිය පොලිසිය පැවසිය.

නාවලපිටිය නගරයේ පැවති ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ නාවලපිටිය ආසන බල මණ්ඩල රැස්විම සහ සමගි ජන බලවේගයේ පැවැත්විමට තිබු උද්ඝෝෂණය හේතුවෙන් අමතර පොලිස් බලැණි  සහ පොලිස් කැරළි මර්ධන ඒකකය නාවලපිටිය නගරයට කැදවා දැඩි ආරක්ෂාවක් යොදවා තිබුණි.

හැටන් රංජිත් රාජපක්ෂ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *