Latestදේශීය

පුනරුත්ථාපන කෙටුම්පතෙන් සටන්කාමීන් සහ ප්‍රචන්ඩකාරීන් ඉවත් කළයුතුයි – ‌ශ්‍රේෂ්ඨාධිකරණය

පුනරුත්ථාපන කාර්යංශය පනත් කෙටුම්පත තුළ අන්තර්ගත සටන්කාමීන්, ප්‍රචණ්ඩකාරීන් යන වචන ඉන් ඉවත් කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුව වෙත දැනුම් දී තිබේ.

අදාළ පනත් කෙටුම්පත පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය කථානායක මහින්ද යාපා අබේවර්ධන විසින් අද (ඔක්.20) පාර්ලිමේන්තුවට දැනුම්දෙනු ලැබීය.

ඒ අනුව පුනරුත්ථාපන කාර්යංශ පනත් කෙටුම්පත මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය සඳහා පමණක් අදාළ කරගත යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුව වෙත දැනුම් දී ඇත.

පුනරුත්ථාපන කාර්යාංශය පනත් කෙටුම්පත 2022 සැප්තැම්බර් 23 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිනි. ඒ සමගම මෙම පනත් කෙටුම්පත ඉදිරිපත් කරන්නේ ආණ්ඩු විරෝධී උද්ඝෝෂකයන් මර්ධනය කිරීමේ අරමුණින් බවට ආණ්ඩුවට චෝදනා එල්ල විය. පසුව පාර්ශව කිහිපයක්ම එයට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කිරීමට කටයුතු කරන ලදී.

Galleface.net


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *