ශ්රී ලංකාව T20 ලෝක කුසලාන සුපිරි 12 වටයට
නෙදර්ලන්තයට එරෙහි ව ලකුණු 16ක ජයක් වාර්තාකරමින් ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායම විස්ස්යි විස්ස ලෝක කුසලාන සුපිරි 12 වටයට සුදුසුකම් ලැබීමට අද සමත්වුණා.
ප්රථමයෙන් පන්දුවට පහර දුන් ශ්රී ලංකා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 162ක් ලබාගත් අතර එයට කුසල් මෙන්ඩිස් විසින් ලබාගත් ලකුණු 79 මහත් පිටුවහලක් වුණා.
පිලිතුරු ඉනිමේදී කඩුලු නමයක් දැවී නෙදර්ලන්තය ලබාගත්තේ ලකුණු 146ක් පමණයි. එහිදී වනිඳු හසරංග කඩුලු තුනක් දවාගත්තා. එම ජයග්රහණයත් සමග ලකුණු සටහනේ පෙරමුණට පැමිනී මට ශ්රී ලංකාව සමත් වුණා. තව සුලු මොහොතකින් ආරම්භ වීමට නියමිත නැමීබියාව සහ එක්සත් අරාබි එමිර් රාජ්ය අතර තරගය කුමන කණ්ඩායම ජයග්රහනය කලත් එය ශ්රී ලංකාවේ ඉදිරි ගමනට බල නොපානු ඇති.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

