Latestදේශීය

සිරිධම්ම හිමියන්ට ඩෙංගු

දැඩි අසාධ්‍ය තත්ත්වයේ පසුවන අන්තර් විශ්ව විද්‍යාලයීය භික්ෂු බලමණ්ඩලයේ කැදවුම්කරු ගල්වැව සිරිධම්ම හිමියන් ඩෙංගු රෝගය ආසාදනය වී බරපතල ජීවිත අවධානමකට ලක්ව ඇති බව අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ වැඩබලන කැදවුම්කරු ටෙරන්ස් රොද්‍රිගො මහතා පවසනවා.

ත්‍රස්ත මර්ධන පනත උපයෝගිකොටගෙන සිරිධම්ම හිමියන් රදවා තබා ගනිමින් උන්වහන්සේගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව පවසන රොද්‍රිගෝ මහතා මෙම අනීතික රදවාතබා ගැනීම දැන්වත් නතර කළ යුතු බව අවධාරණය කරනවා.

අසනීප වී ඇති බව දැන දැනම අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර සදහා සිරිධම්ම හිමියන්ව යොමු නොකරමින් ස්වභාවික මරණයක් උන්වහන්සේට හිමිකර දීමට පාලකයින් උත්සාහ කරන බව පවසන ටෙරන්ස් රොද්‍රිගො මහතා මෙම අනීතික ක්‍රියාවලට එරෙහිව වෘත්තීය සමිති, බහුජන සංවිධාන සහ ප්‍රගතිශීලී ජනතාව සමග එක්ව  දැවැන්ත ක්‍රියාමාර්ගයකට යොමු වන්නට බලාපොරොත්තු වන බව අවධාරණය කරනවා.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *