රනිල්ගේ නායකත්වයෙන් නව සන්ධානයක්.. පොහොට්ටුවන් බහුතරය එම සන්ධානයෙන් මැතිවරණයට..
මීළඟට පැවැත්වෙන මැතිවරණයකට පෙර එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු සන්ධානයක් බිහිකිරීම සඳහා අවධානය යොමුවී තිබේ.
ඊට හේතු වී ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් මන්ත‍්‍රීවරුන් එක්සත් ජාතික පක්ෂයට සෘජුව සම්බන්ධ වීමට මැළිකමක් දැක්වීමයි.
ඒ හේතුවෙන් රනිල් වික්‍රමසිංහ නායකත්වය දරන සන්ධානයන් බිහි කර ඒ හරහා පොදු ජන පෙරමුණේ මැති ඇමතිවරුන් මැතිවරණ සඳහා තරග කිරීමට සැලසුම් කරමින් සිටියි.
මේ අතර එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් පාර පාලිත රංගේ බණ්ඩාර මහතා සඳහන් කරන්නේ එක්සත් ජාතික පක්ෂය සමග එක් වීමට බොහෝ පිරිසක් කැමැත්ත පළ කර ඇතිනමුත් ඔවුන් පක්ෂයට සම්බන්ධ වන්නේ කවදාදැයි නිශ්චිත වශයෙන් පැවසිය නොහැකි බවයි.
Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

