Latestදේශීය

අපි ආවේ අවසන් නිවේදනය දෙන්න – අ.වි.ශි.බ.මණ්ඩලය

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් වහා නිදහස් කරන්නැයි බල කරමින් අද (ඔක්තෝම්බර් 27) කොළඹ, නාරාහේන්පිට පිහිටි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය ඉදිරිපිටදී විරෝධතාවයක් පැවැත්විණි.

එය සංවිධානය කර තිබුණේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසිනි.

ඩෙංගු රෝගය වැලඳී අසාධ්‍යව සිටින ගල්වැව සිරිධම්ම හිමියන් රෝහල්ගත කරන්නැයි උන්වහන්සේගේ ඥාතීන් සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් බල කරන තුරු ත්‍රස්ත විමර්ශන ඒකකය සිය වගකීම පැහැර හැර ඇති බවත් එය අනියමින් ඝාතනය කිරීමේ උත්සහයක් බවත් විරෝධතාකරුවෝ පැවසූහ.

BBC News Sinhala


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *