Latestදේශීය

මහජන කවුන්සලය සදහා ව්‍යාපාරය ජනගත වෙයි

“සිහින මියගිය සමාජයක බලාපොරොත්තුව” යන තේමාව සමගින් මහජන කවුන්සිලය සදහා ව්‍යාපාරය එළිදැක්වීම හෙට (01) සවස 2.30ට කොළඹ පදනම් ආයතනයේදී සිදු කිරීමට නියමිතයි.

මේ වන විට රටපුරා ආරම්භවී ඇති දිස්ත්‍රික් සහ ප්‍රාදේශීය මහජන කවුන්සිල හී සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් මෙන්ම විවිධ ක්ෂේත්‍රයන් නියෝජනය කරන වෘත්තීයවේදීන් සහ බහුජන නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත මෙම එළිදැක්වීමේ උළෙල හරහා මහජන කවුන්සිලය සදහා ව්‍යාපාරයේ පරමාර්ථ සහ ඉදිරි ක්‍රියාමාර්ග ජනගත කිරීමට නියමිත බව එම ව්‍යාපාරයේ සංවිධායක මණ්ඩලය පවසනවා.

තවද ජනතා අභිලාෂයන් ශාක්සාත් කරගැනීම උදෙසා වන ශක්තිමත් වැඩපිලිවෙලක් හරහා ආර්ථික යුක්තිය සහ මානව අයිතිවාසිකම් සුරැකෙන එමෙන්ම අනාගත ලෝකය සදහා පාරිසරික සුරක්ෂිතභාවය උදෙසා වන විද්‍යාත්මක වැඩපිලිවෙලක් මහජන කවුන්සිලය සදහා ව්‍යාපාරය තුළින් ක්‍රියාත්මක කිරීමට නියමිත බවයි සංවිධාකය මණ්ඩලය වැඩිදුරටත් පවසන්නේ.

ජනතා බලය ජනතාව සතුකිරීම තුළින් පරමාධිපත්‍ය බලය ජනතාවට සැබෑ ලෙසම හිමිකර ගත හැකි බවයි මහජන කවුන්සිලය සදහා ව්‍යාපාරයේ සංවිධායක මණ්ඩලය පවසන්නේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *